වෛද්‍ය ආධාර රැගත් ගුවන් යානයක් සෝමාලියාවේදී කඩා වැටෙයි..

0
268

වෛද්‍ය ආධාර රැගත් ගුවන් යානයක් සෝමාලියාවේදී කඩා වැටීමෙන් එහි ගමන්ගත් හය දෙනාම මියගොස් ඇතැයි සෝමාලියානු රජය පවසයි.අනතුරට හේතුව පැවසීම සෝමාලියානු රජය ප්‍රතික්ෂේප කර ඇති නමුත් යානයට යම් කිසිවකු විසින් වෙඩි තබා ඇතැයි සැකකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.සෝමාලියානු ප්‍රවාහන අමාත්‍ය මොහොමඩ් සලාඩ් මහතා පවසන්නේ මේ වනවිට සිරුරු පහක් සොයාගෙන ඇති බවයි.භයානක අනතුරක් සිදුවී ඇති බවත් ඒ පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

කොරෝනා වයිරස මර්ධනයට අවශ්‍ය වෛද්‍ය ආධාර තොගයක් මෙම යානයේ ප්‍රවාහනය කර තිබේ.කෙන්යාවේ ලියාපදිංචි මෙම යානය අප්‍රිකානු එක්ස්ප්‍රස් ගුවන් සමාගමය අයත් බවත් සෝමාලියාවේ බාර්බඩේල් වෙත ලඟා වෙමින් සිටියදී අනතුරට ලක්වී ඇති බවත් කෙන්යානු සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
මෙම අනතුර සම්බන්දව හදිසි පරීක්ෂණයක් සිදුකරන ලෙස කෙන්යාව විසින් සෝමාලියාවට දන්වා ඇත.

අනතුර සිදුවූ එම කළාපයේ අල් කයිඩා සංවිධානයට සම්බන්ද අල් ශබාබ් අන්තවාදී කණ්ඩායම් ක්‍රියාත්මකව සිටින බව සඳහන් වේ.කෙසේ වුවද අනතුර සිදුවූ බාර්ඩෙල් නගරය සහ එහි ගුවන්තොටුපල සෝමාලියානු හමුදා සහ ඉතියෝපියානෙු හමුදා විසින් ආරක්ෂා කරනු ලබයි.මේ සම්බන්දව අල් ශබාබ් කණ්ඩායම මෙතෙක් කිසිවක් පවසා නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here