රත්නජීවන් හූල් ඇදිරිනීතිය නොතකා යාපනයේ සිටි පුතා කොළඹ ගෙනත්.. පරීක්ෂණ ඇරඹේ

0
347

මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් හුල් මහතා ඇදිරි නීතිය පැවැති කාලයේදී යාපනයේ සිට සිය පුත්‍රයා කොළඹට රැගෙන ඒම සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භ කර ඇත.ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතාගෙන් සහ එහි පිළිගැනීමේ නිලධාරිනියකගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඇදිරි නීතිය සමයේදී දිස්ත්‍රික් අතර ගමන් කිරීම නීති උල්ලංගණය කිරීමකි. කොමිසමේ සාමාජිකයකු ලෙස හුල් මහතාට එලෙස යාමේ අවසර තිබුණද පුත්‍රයාට ද මෙම නීති අදාළ වේ.රත්නජීව හුල් මහතා මෙලෙස තම පුත්‍රයාව රැගෙන විත් ඇත්තේ කොළඹදී පැවැති කොමිසමේ සාකච්ඡාවකට සහභාගී වීම සදහා පැමිණි දිනකදී ය.

ඒ අනුව ඔවුන් පැමිණි යාපනය සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නිල රථයේ රියදුරාගෙන්ද ප්‍රකාශ සටහන්කර ගෙන ඇත.මේ පිළිබදව විමර්ශන තොරතුරු පොලිස් නීති කොට්ටාශය වෙත යැවීමට නියමිත අතර ඉදිරි ක්‍රියාමාර්ගයක් වෙතෙත් ඒ අනුව ක්‍රියාත්මක කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here