ලාංකික ශ්‍රමිකයන් සූරා කෑ ඒජන්සිකරුවන්ට ඊශ්‍රායල රජයෙන් පාඩමක්..

0
418

 

විදේශ රැකියා ඒජන්සි මගින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වීම ඊශ්‍රායල රජය මගින් තහනම් කර ඇත.

ඊශ්‍රාලයේ ගෘහස්ත සාත්තු සේවා සහ කෘෂිකර්ම අංශයේ රැකියා සඳහා යවනු ලැබූ ලාංකිකයන් ගෙන් මෙරට රැකියා ඒජන්සිකරුවන් විශාල මුදලක් අය කර ඇති බව අනාවරණය වීම නිසා ඊශ්‍රායල රජය මෙම තහනම පනවා තිබේ.

ඒ අනුව දෙරට අතර ඇති කර ගත් රාජ්‍යතාන්ත්‍රික ගිවිසුම මත මින් ඉදිරියට ඊශ්‍රාලයට ශ්‍රමිකයන් යැවීම සිදු කරන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පමණක් බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේය.

එනිසා ඊශ්‍රායලයට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යැවීම පිළිබඳ වන ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින ඇමැතිවරයා ඒ පිළිබඳ ජනමාධ්‍ය ද අවධානයෙන් කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද පැවසීය.

මීට අමතරව වෙනත් රටවලට මෙරට ශ්‍රමිකයන් යැවීමේදී රැකියා ඒජන්සිකරුවන්ට අය කළ හැක්කේ වෛද්‍ය පරික්ෂණ ගාස්තු පමණක් බවද ඊට අමතරව ගාස්තු අයකරන්නේ නම් ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතිය ලබාගත යුතු බව එම කාර්යාංශයේ නිලධාරීන් සමග රාජ්‍ය ඇමැති ප්‍රියංකර ජයරත්න පෙරේදා (14 වැනිදා) අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී තීරණය කර ඇත.

එසේම විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතට අනුව වෙනත් රටවල විවිධ වෘත්තීන් සඳහා ලාංකිකයන් යැවීමේ කාර්ය භාරයද විදේශ සේවා නියුක්ති කාර්යාංශ මගින් පමණක් කිරීමට හැකි බව මෙහිදී අවධාරණය කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here