අවසානයේ ඇමරිකාව පසුබසියි – MCC ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කරයි!

0
538

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් MCC මගින් ආධාර දෙන රටවල ලයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට අමෙරිකාව තීරණය කර ඇත. අද (16) අමෙරිකාවේ පැවැති එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශය අද (17) නිකුත් කිරීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් නැවත කිසිදු ආකාරයේ සාකච්ජාවක් හෝ නොපැවැත්වීමට එම ආයතනය තීන්දු කර ඇත. මේ ප්‍රදානය යටතේ වසර 5ක කාලයක් සදහා මාර්ග ඇතුලු සංවර්ධන කටයුතු වෙනුවෙන් ලංකා රජයට අමෙරිකානු ඩොලර් මිලියන 480ක මුදලක් ලැබීමට නියමිතව තිබිණ.

කෙසේ වෙතත් අදාළ ගිවිසුම මගින් මෙරට ස්වෛරී භාවයට හානියක් වන බවට හා මෙරට කෙරෙහි ඇමරිකානු බලපෑම් එල්ල වීම් හා ඔවුන්ගේ මිලිටරි කටයුතු වලට ශ්‍රී ලංකාව භාවිතා කිරීම වැනි කරුණු කාරනා වලට මුහුණ දීමට සිදු වන බවට දැඩි කතාබහක් ඇතිවිය.

පැවතී යහපාලන රජය හොර රහසේ මෙම ගිවිසුම අත්සන් කිරීමට කොතෙක් උත්සාහ කලද ගොටාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය පත්වීමෙන් අනතුරුව අදාළ ගිවිසුම අත්සන් නොකරන බවට දැඩි ස්ථාවරයක පසුවීම හේතුවෙන් අදාළ ගිවිසුම අත්සන් කිරීම අතහැර දැමීමට කටයුතු කොට ඇති බවයි වාර්තා වන්නේ.

– www.mawratanews.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here