මියන්මාර නායිකා අවුන් සාන් සුකී හමුදා අත්අඩංගුවට…

0
527

මියෙන්මාරයේ නායිකා අවුන් සාන් සුකී ඇතුළු එරට රාජ්‍ය නායකයින් පිරිසක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

අද (01) දිනයේ එරට පාර්ලිමේන්තුව කැඳවිමට විරෝධය පළ කරමින් එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අවුන් සාන් සුකී මෙන්ම එරට ජනාධිපති වින් මයින්ට් ඇතුළු දේශපාලන නායකයින් පිරිසක් අද උදෑසන යුධ හමුදා භාරයට ගෙන ඇති බව රජයේ ප්‍රකාශකයෙකු පෙන්වා දෙයි.

කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ දැඩි ප්‍රතිචාර නොදක්වන ලෙස මියෙන්මාර් රජය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here