ඉන්දියාවේ රෝගීන් වැඩිවුණොත් එන්නත ලෝකෙට බෙදීම පමාවෙන බව සීරම් ආයතනය කියයි..

0
42

ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තිය තවදුරටත් ඉහළ ගියහොත් ලොව අනෙකුත් රටවල් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ්ස් එන්නත සැපයීම ප්‍රමාද වනු ඇතැයි පැවැසේ.

ඉන්දියාවේ (සීරම්) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අදාර් පූනවාලා ඇසෝසියේට්ස් ප්‍රේස් පුවත් සේවයට මේ බව පවසා ඇත.

එම පුවත් සේවයේ සාකච්ඡාවට එක් වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේ කොවිඩ් ව්‍යාපෘතිය තරමක් දුරට අඩුකර ගැනීමට හැකිවන්නේ නම් ජුනි මාසය වන විට අනෙකුත් රටවලට කොවිෂීල්ඩ්ස් එන්නත ලබාදීමට හැකියාවක් පවතින බවයි.

​කොවැක්ස් පහසුකම යටතේ කොවිෂීල්ඩ්ස් එන්නත සපයන ප්‍රධාන සැපයුම්කරුවකු වන ඉන්දියාවේ සීරම් ආයතනය ලොව රටවලට ලබාදීමට තිබූ එන්නත් මාත්‍රා මිලියන 90ක් පමණ නැව්ගත කිරීමද ප්‍රමාද කර ඇත.

මෙයට හේතුව ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් වැඩිවීම බව ප්‍රධාන විධායක නිලධාරී අදාර් පූනවාලා පවසා තිබේ.

එසේම ඉදිරි මාස දෙකක පමණ කාලයේ එන්නත ලබාදීමට වැඩි ප්‍රමුඛතාවය දෙන්නේ ඉන්දියාවට බවත් තම ජාතිය ආරක්ෂා කිරීමට ප්‍රමුඛතාව ලබාදෙන බවත් ඔහු පවසා තිබේ.

කෙසේ වුවද මෙරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ එළැඹෙන මැයි මස අග වන විට මෙරටට තවත් කොවිෂීල්ඩ්ස් එන්නත් තොගයක් ලැබෙනු ඇති බවයි. මේ වන විට මෙරටට කොවිෂීල්ඩ්ස් එන්නත් දොළොස් ලක්ෂ හැටහතර දහසක ප්‍රමාණයක් ලැබුණු අතර ඉන් එන්නත් නව ලක්ෂ විසිහතර දහස් හාරසිය හැත්තෑ නවයක් එන්නත් කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here