ක්‍රිකට් ආයතනය ගත් තීරණයක් හේතුවෙන් තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි…

0
835

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩික තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග වලට අනුව 32 හැවිරිදි තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට ගත් තීරණය ක්‍රිකට් පරිපාලනයට දන්වා යවා තිබේ.

එක්දින සංචිතයෙන් තිසර පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සලකා බලමින් සිටින බව මෑතකදී වාර්තා වීමෙන් පසුව තුන් තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා මෙම තීරණයට එළඹ තිබේ.

තිසර පෙරේරා ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂ තුන්ඉරියව් ක්‍රීඩකයෙක් වන අතර කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයද ඉසිලුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here