අඩු වයසෙන් සරසවියට වරම්! සාපෙළ අගෝස්තුවේ.. උපෙළ දෙසැම්බරයේ.. යන කාලයත් මාස 13 කින් අඩු කරයි..

0
1615

ඉදිරියේ දී අපොස සාමාන්‍ය පෙළ විභා­ගය අගෝස්තු මාසයේ දී ද අපොස උසස් පෙළ විභා­ගය දෙසැ­ම්බර් මාස­යේදී ද පැවැ­ත්වී­මට රජය තීර­ණය කරයි.

ඒ අනුව එක් එක් විභා­ගයේ ප්‍රති­ඵල මාස තුනක් තුළ නිකුත් කිරීම මඟින් සමස්ත ක්‍රියා­ව­ලිය සඳහා දැනට ගත­වන මාස 45ක කාල­සී­මාව මාස 32ක් දක්වා අඩු­කි­රීම සහ ඒ සඳහා තාක්ෂ­ණික විධි­වි­ධාන සැලැ­ස්මී­මට රජය තීර­ණය කර තිබෙන බව ජන­මාධ්‍ය ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහතා පැව­සීය.

ඇමැ­ති­ව­රයා මේ බව සඳ­හන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ දී ඊයේ (4) පෙර­ව­රුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාක­ච්ඡා­වට එක්වෙ­මිනි.

එහිදී වැඩි දුර­ටත් අද­හස් දක්ව­මින් ඇමැ­ති­ව­රයා පෙන්වා දුන්නේ ඒ අනුව විශ්ව­වි­ද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනී­මට ගත­වන කාලය අවම කිරීම මඟින් අවම කාල­සී­මා­වක් තුළ ප්‍රථම උපාධි සුදු­සු­කම ලබා ගැනී­මට සිසුන්ට අව­ස්ථාව සලසා දීමට නිය­මිත බවත්, උසස් පෙළ ප්‍රති­ඵල නැවත සෝදිසි කිරීමේ ක්‍රියා­ව­ලිය අව­සන් වන­තෙක් නොසිට Z අගය මත විශ්ව­වි­ද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමේ ක්‍රියා­ව­ලිය ක්‍රියා­ත්මක කිරී­මට ද රජය තීර­ණය කර තිබෙන බවත්ය.

ජාතික වශ­යෙන් මෙන්ම ජාත්‍ය­න්තර වශ­යෙන් අධ්‍යා­පන ක්ෂේත්‍රයේ ඇතිව තිබෙන විස­ම­තා­වන් ඉවත් කිරීම රජයේ මූලික අර­මු­ණට පර­මා­ර්ථ­යක් දෙමින් කට­යුතු කරන බව පෙන්වා­දුන් ඇමැ­ති­ව­රයා, ලෝකයේ අනෙ­කුත් රට­වල වයස අවු­රුදු 16න් – 17න් විශ්ව­වි­ද්‍යාල සඳහා ඇතු­ළත් වන නමුත්, ශ්‍රී ලංකාවේ විවිධ හේතූන් නිසා අවු­රුදු 19ක් 20ක් වැනි කාල­යක් ගත වන බවද පැව­සීය.

ඒ සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු කර­මින් ඒ කාල­සී­මාව අඩු කිරීමේ ව්‍යායා­ම­යක් ලෙස සාමාන්‍ය පෙළ දෙසැ­ම්බර් මාසයේ පැවැ­ත්වෙන විභා­ගය ඊට මාස තුන­කට පමණ පෙර අගෝස්තු මාසයේ දී පැවැ­ත්වී­ම­ටත්, උසස් පෙළ විභා­ගය දෙසැ­ම්බර් මාසයේ පැවැ­ත්වී­ම­ටත් රජය තීර­ණය කර තිබෙන බවත්, ඊට අම­ත­රව විභා­ග­වල නැවත සමී­ක්ෂණ සිදු කරන්නේ නම් තවත් මාස තුනක හත­රක පමණ කාල­යක් යාම හේතු­වෙන් ඒ සියල්ල ඉවත් කිරී­මට තීර­ණය කර තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

නැවත පරී­ක්ෂණ කිරීම පරී­ක්ෂ­ණා­ත්ම­කව සිය­යට 0.17 ක් පමණ වන නමුත් ඒවා ගන්නා ප්‍රමා­ණ­යට අම­ත­රව සීමා­වන බව පෙන්වා­දුන් ඇමැ­ති­ව­රයා මේ මුළු ව්‍යායා­මය තුළම මාස 14ක 16ක පමණ අඩු­වක් සිදු­වන බවද, ඒ අනුව 19 හා 20 කාල සීමාව 17 හා 18 අත­රට ගෙන ඒම වෙනු­වෙන් අමාත්‍ය මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබෙන බවද ප්‍රකාශ කළේය.

ඇමැ­ති­ව­රුන් වන වෛද්‍ය රමේෂ් පති­රණ, උදය ගම්ම­න්පිල සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජන­රාල් මොහාන් සම­ර­නා­යක මහ­ත්වරු මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here