ඕස්ට්‍රේලියාවේ අගුළු වැටී ඉන්දියාවේ සිරවී සිටින ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට ලංකාවේ දොරවල් ඇරෙන ලකුණු..

0
80

ඕස්ට්‍රේලියානු රජය ඉන්දියාවේ සිට පැමිණෙන සියලුම ක්‍රිකට් ක්‍රීඩකයන් හට පනවා ඇති වාරණය මත ඔවුන් ශ්‍රී ලංකාවේ හෝ මාලදිවයිනේ නිරෝධායනයට ලක් වීමට නියමිත බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය ප්‍රිමියර් ලීගය සඳහා 40 දෙනකුට ආසන්න ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවෙන් සහභාගි වූ අතර ඉන් කේන් රිචර්ඩ්සන් සහ ඇඩම් සම්පා මීට සතියකට පමණ පෙර තරගාවලියෙන් ඉවත්විණි. විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට ඉන්දියාවේ පවතින තත්වය මත ඔස්ට්‍රේලියාවෙන් රටට ඇතුළු වීමේ අවසර ලැබෙන තුරු ඔවුන් ශ්‍රී ලංකාවේ හෝ මාලදිවයිනේ නිරෝධායනයට ලක් කිරීමට අදහස් කරන බවය.

මේ සම්බන්ධයෙන් අරුණ පුවත්පත වෙත අදහස් දැක්වූ ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියකු පැවසා ඇත්තේ  මෙවැනි කාරණාවක් පිළිබඳව තවමත් ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය හෝ ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට ඕස්ට්‍රේලියාව විසින් සිය ක්‍රීඩකයන්ව සිය රටේ සංචාරක තහනම ඉවත් කරන තුරු රඳවා ගන්නා ලෙසට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන්ද ඉල්ලීම් සිදුකර ඇතැයි සඳහන් වේ. මෙම ක්‍රීඩකයන් වෙනුවෙන් පහසුකම් සැලසීමට ඉන්දියාව බැඳී සිටින බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී නික් හොක්ලි විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

මීට පෙර ඉන්දීය බොලිවුඩ් නළු නිළියන් ද මාලදිවයිනේ නිරෝධායනය වෙනුවෙන් පිටත් වී ඇති අතර ඒ වෙනුවෙන් එරට දැඩි විරෝධයක් ද ගොඩ නැගී ඇති බවට සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here