කොළඹ වරාය බටහිර පර්යන්තයේ කොටස් හිමි ඉන්දියාවේ “අදානි” බංකොළොත් වීමේ අවදානමක – ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත කියයි

0
156

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ කොටස් හිමි කරගෙන ඇති ඉන්දියාවේ අදානි සමාගම මේ වනවිට බංකො‌ළොත් තත්ත්වයට පත්ව ඇතැයි ඉන්දීයාවේ ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර ඇත. ‘ද හින්දු’ පෙන්වාදෙන්නේ පසුුගිය දිනවල ඉන්දීය කොටස් වෙළෙදපොළ තුළ අදානි සමාගමේ කොටස්වල වටිනාකම විශාල ලෙස පහත වැටී ඇති බයි.

ඒ අනුව ඉන්දීය ප්‍රකෝටිපතියෙකු වන ගෞතම් අදානි විසින් පාලනය කරනු ලබන අදානි එන්ටර්ප්‍රයිසස්, අදානි ග්‍රීරීන් එනර්ජි සහ අදානි පොර්ට් යන සමාගම්වල කොටස් වටිනාකම් පසුගිය සතියේ 3.3% සිට 4.7% දක්වා පහත වැටී ඇති අතර, අදානි ටෝටල් ගෑස්, අදානි ට්‍රාන්ස්මිෂන් සහ අදානි පවර් යන සමාගම්වලද කොටස් වටිනාකම් අවම සීමාවන්ට ළඟාවී ඇත. කෙසේ වෙතත් පසුගිය වසර තුළ, අදානි සමූහ සමාගම්වල කොටස් වටිනාකම් විශාල ලෙස ඉහල යෑම හේතුවෙන් නිසා ගෞතම් අදානි ඉන්දියාවේ දෙවන ධනවත්ම පුද්ගලයා බවට පත් වී තිබේ.

ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ඉන්දියාවේ අදානි සමාගමට කොළඹ වරායේ බටහිර පර්යන්තය ලබා දීමට පියවර ගත් අතර එහි කොටස්වලින් 85%ක් මෙරට පෞද්ගලික සමාගමක්ද සමග එක්ව සංවර්ධනය කිරීම ආරම්භ කරන බව අදානි සමාගම පසුගියදා නිවේදනය කළේය.

– නයන තරංග ගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here