කොරෝනා හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ටොයිලට් පේපර් හිඟයක් – ජනතාව තොග පිටින් ටොයිලට් පේපර් මිලදී ගනී..

0
483

ඔස්ට්‍රේලියාව තුළ “ටොයිලට් පේපර්” හිඟයක් මතුව ඇතැයි වාර්තාවනවා. කොරෝනා රෝගය හේතුවෙන් විදේශයන්ගෙන් ගෙන්වන භාණ්ඩ හිඟයක් ඇති විය හැකි බව එරට රජය නිවේදනය කර ඇති බව සඳහන්.

ඒ අනුව එරට වැසියන් කඩිනමින් තමන්ට අවශ්‍ය භාණ්ඩ එක්රැස් කර ගැනීම ආරම්භ කර ඇති අතර එහිදී ඔවුන් වැඩි වැදගත්කමක් දී ඇත්තේ “ටොයිලට් පේපර්” සඳහා වීම විශේෂත්වයක්. මේ වන විට එරට සුපිරි වෙළඳසැල් සියල්ලකම “ටොයිලට් පේපර්” අවසන් වී ඇති බව සඳහන්.

ඒ සඳහා පවතින අධික ඉල්ලුම හේතුවෙන් ඇතැම් වෙළඳ සැල් එක්වරකට එක් පුද්ගලයකුට “ටොයිලට් පේපර්” ඇසුරුම් 4 ක් පමනක් ලබා ගත හැකි ආකාරයෙන් නීතියක්ද පනවා තිබෙනවා.

වෙළඳ සැල්වල “ටොයිලට් පේපර්” නොමැති වීම හේතුවෙන් ඒවා තවකෙකුගෙන් සොරකම් කරන තත්ත්වයට ඕස්ට්‍රේලියානු වැසියන් පත්ව ඇති බවයි වාර්තාවන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here